අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ උත්තර පත්ර ඇගයීම් සඳහා දැනට ලබාදෙන ගාස්තු ප්රමාණවත් නොවන බැවින් එම ගාස්තුව වහා වැඩිකළ යුතුයැයි ලංකා ගුරුසේවා සංගමය පවසයි.
එම සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, විභාග දෙපාර්තමේන්තුව ජාතික මටිටමින් පවත්වන විභාගවල කාර්ය මණ්ඩල සඳහා ගෙවනු ලබන දීමනා ඉහළ දැමීමට අධ්යාපන අමාත්යංශය කටයුතු කර තිබුණ ද උත්තර පත්ර ඇගයිම් ගාස්තු වැඩි කර නොමැති බවත් ඇගයීම් කටයුතු සඳහා දැනට ලබාදෙන ගෙවීම්, දෛනික වියදම් පියවීමට පවා ප්රමාණවත් නොවන බවත්ය.









