දෝෂාභියෝගයට පක්ෂ වූ වෛද්‍ය නිමල් කරුණාසිරිට සේවක විරෝධය

මහජනතාවගේ මුදලින් වැටුප් ගන්නා අගවිනිසුරුතුමිය ඇතුළු සියලු අධිකරණ නිලධාරීන් හා සියලු රාජ්‍ය නිලධාරීන් රජයට පක්‍ෂපාත විය යුතු බවට ආයතන සංග්‍රහයේ ඇතැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා ඇත.

 

ඒ මහතා එසේ පැවැසුවේ සඳහා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහඳගම මහතා, ශ්‍රී ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා සහ සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිති සභාපති ලලිත් ධර්මසිරි මහතාද සමග එක්ව පසුගිය සිකුරාදා (28) සවස කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඕනෑම රජයේ නිලධාරියකුගේ පත්වීම් බලධාරියා, විනය බලධාරියා වන බවත්, ඒ අනුව යම් රජයේ නිලධාරියකු ආයතන සංග්‍රහයට අනුව වරදක් කළහොත් විනයානුකූල පියවර ගනු ලබන බවත්, එය පහළම රජයේ සේවකයාගේ පටන් ඉහළම අගවිනිසුරුතුමියටත් එකසේ බලපැවැත්වෙන බවත් පැවැසූ වෛද්‍ය කරුණාසිරි මහතා අගවිනිසුරුතුමිය, මැතිවරණ කොමසාරිස් වැනි ඉහළ තනතුරු වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයාට බලය ඇති බවත් පවසා තිබේ.

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමේ සභාපති වරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන්  සේවක විරෝධයක් පැන නැගී ඇති බව වාර්තා වේ.  ඔහුගේ මෙම අදහස් දැක්වීම තුළින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය දෝෂාභියෝගයට පක්‍ෂපාතීබව තහවුරුවී ඇත. කෙසේ නමුත් විධායක සභාවේ කිසිදු අවසරයකින් තොරව මෙලෙස අදහස් දැක්වීමට නොහැකි බවට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ නිලධාරීන් මොහුගෙන් ප‍්‍රශ්ණ කර ඇති බවත් මාධ්‍ය හමුවට සහභාගීවීමට විරෝධය දක්වා ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට මොහු බස්නාහිර පළාතේ ආයුර්වේද කොමසාරිස් වශයෙන් වැඩ බලමින් කටයුතු කරමින් සිටින අතර ඒ සඳහා මොහුට විධිමත් සුදුසුකම් නැති බවද සේවකයෝ පවසති. මෙවැනි ආකාරයේ අදහස් දැක්වීම් මගින් සුදුසුකම් නොලත් තනතුරක රැඳී සිටීම ඔහුගේ අපේක්‍ෂාව බව සඳහන් කරන සේවකයෝ අදාල තනතුර රැක ගැනීම සඳහා සේවක අයිතීන්  ඕනෑම මොහොතක පාවා දීමේ හැකියාවක්ද මොහුට තිබෙන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් පසුගිය කාලයේ රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීමට ආණ්ඩුවට බලකරමින් උද්ඝෝෂණ පවත්වද්දී මෙම පුද්ගලයා රුපියල් 2,500/- ක වැටුප් වැඩිකරීමක් ප‍්‍රමාණවත් බවට මත පල කර සිටියේය.

මේ හරහා ඔහුගේ අපේක්‍ෂාව කුමක්ද යන්න පැහැදිලි බවත් එහෙත් මොහුට වඩා වැඩි සුදුසුකම් ඇති ගැත්තෙකු එකී තනතුරට අවශ්‍ය වුවහොත් නිමල් කරුණාසිරිට ගෙදර යෑමට සිදුවන බව ඔහු වටහා ගත යතු බවත් එය ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින අයට සිදුවෙන සිදුවීම්වලින් තහවුරු කර ගත හැකිව ඇති බවත් සේවකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්