ලංකාවේ උතුරුකරයේ යාපනයේ සිට වාසය කළ 72,000ක් පමණ මුස්ලිම් ජනතාව පලවා හැරීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීම පිණිස ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් සභාව විසින් වහාම කොමිෂන් සභාවක් පත් කළ යුතුයි ජනමාධ්ය හා ප්රවෘත්ති අමාත්යාංශයේ අධීක්ෂණ මන්ත්රී අල්හාජ් ඒ.එච්.එම්.අස්වර් මහතා කෑගල්ල මොහිදීන් මුස්ලිම් දේවස්ථානයේ දී පවසා තිබේ.
වැඩිදුරටත් කතා කළ අස්වර් මහතා “මානව අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳව සොයා බැලීමට අන් සියල්ලට වඩා ජිනීවා සමුළුව මගින් කොමිෂන් සභාවක් පත් කර මෙරට සිංහල-මුස්ලිම් ජනතාවට සිදුවූ මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ වාර්තාවක් ඉතා කඩිනමින් ඉදිරිපත් කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.” යැයිද පවසා තිබේ.









