ලංකාවට පැමිණි නෞකාවක විකිරණශීලි කන්ටේනරයක්

ලංකාවට පැමිණි නෞකාවක් තුළ විකිරණශීලි ද්‍රව්‍ය සහිත කන්ටේනරයක් තිබී හසුවී ඇතැයි වාර්තා වේ.

මේ බව තහවුරුවීමෙන් පසු  එහි තිබු භාණ්ඩ වෙළඳපළට නිකුත් කිරීම තහනම් කර ඇත.

එසේම මේ පිළිබඳව ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් වරාය රේගුවට විශේෂ දැනුම්දීමක් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසා ඇත.

මෙම නෞකාව පසුගිය 13 වැනිදා ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ ඇති අතර එහි තිබී ගොඩබාන්නට යෙදුන අඩි 40 ක ප‍්‍රමාණයේ කන්ටේනරයක අධි විකිරණශීලීතාවක් ඇති බවට හඳුනාගෙන ඇත.

එම කන්ටේනරය තුළ යකඩ භාණ්ඩ, ඇළුමිනියම් වැනි උපකරණ අඩංගුව තිබී ඇති බවත් මෙම හඳුනාගැනීමත් සමග එහි අඩංගු භාණ්ඩ වෙළඳපළට නිකුත් කිරීම තහනම් කර ඇති බවද සඳහන් වේ.

වරාය පරීශ‍්‍රයේ සවිකර ඇති විකිරණ හඳුනා ගැනීමේ උපකරණ ආශ‍්‍රයෙන් කන්ටේනරයේ විකිරණ ද්‍රව්‍ය අඩංගු බවට හඳුනාගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්