රෝගාතුර තත්වයේ පසුවන අගමැති දීමු ජයරත්න මහතා දැනට මාස 3ට අධික කාලයක් ලංකා හොස්පිටල් හී ප්රතිකාර ලබමින් සිටින අතර රෝගී තත්වය උත්සන්නව ඇති හෙයින් වැඩිදුර ප්රතිකාර සඳහා ඇමරිකව බලා පිටත්වයාමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අද (15) මධ්යම රාත්රීයේ විශේෂ ගුවන් යානයකින් අමරිකාව බලා පිටත්ව යාමට නියමිත බවත් ඔහු සමග විශේෂඥ වෛද්යවරුන් කිහිප දෙනෙකු ද ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත.









