දකුණු දිග ජපානයේ කියුෂූ දිවයිනේ ඊයේ (14) රාත්රී 9.30 පමණ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්යට පත්ව ඇති බව වාර්තා වේ.
භූ කම්පනය සිදු වී තිබෙන්නේ කියුෂූ දිවයිනේ මෂිකි නගරය ආසන්නයේ බව පැවසෙන අතර භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවී තිබේ. මේ වනවිට ප්රදේශයට සැපයෙන විදුලිය හා ගෑස් සැපයුම අඩපන වී තිබෙන අතර පුද්ගලයින් 250ක් පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු සහන සේවා කණ්ඩායම් ආරම්භ කර ඇති අතර තුවාල ලැබූවන් හෝ මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව පැවසේ.












