2016 සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනයේදීද අරගලයන් හේතුවෙන් අවුරුදු චාරිත්ර සිදුකිරීමේ අවස්ථාව නොලැබුණු බොහෝ පිරිසක් වාර්තා වේ.
මාලඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කරන ලෙසත් අධ්යාපනය මුදලට විකිණීමටත් එරෙහිව රට පුරාවෛද්ය පීඨ හයක් ඉදිරිපිට වෛද්ය සිසුන් අදට (14) දින 84ක් පුරා අඛණ්ඩ සත්යග්රහයේ නිරත වේ. ඔවුන්ට අමරතව විදුලි අයපත්කරුවන්ගේ සංගමය විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය ඉදිරිපිට දින 16ක් පුරාඅඛණ්ඩ සත්යග්රහයක නිරත වේ.
මාළඹේ පෞද්ගලික වෛද්ය විද්යාලය අහෝසි කරන ලෙස ඉල්ලා වෛද්යවරුන් ඇතුළු බොහෝ පාර්ශවයන් සිදු කරනු ලැබූ විරෝධතාවයන්ට වත්මන් හවුල් ආණ්ඩුවද මේ වනතෙක් කිසිදු අවධානයක් යොමු කර නොමැති වීම විශේෂත්වයකි. වෛද්ය සිසුන් බොහෝ කැපකිරීම් කරමින් අඛණ්ඩව දින 84ක් පුරා වෛද්ය පීඨ ඉදිරිපිට මෙම සත්යග්රහය පවත්වමින් සිටී.
විදුලි අයපත් කරුවන්ගේ සංගමය සත්යග්රහය එම අමාත්යංශය ඉදිරිපිට ආරම්භ කර තිබෙන්නේ විදුලි බිල්පත් නිකුත් කරන 1400 ක පමණ සේවක පිරිසක් මේ වන විට වසර 10 ක් 12 ක් රැකියාව කරන මුත් ස්ථීර කර නොමැතිවීමට විරෝධය පළ කරමිනි. 











