ලග්ගල පොලිසියේ පැහැරගත් ගිනි අවි සොයා මෙහෙයුම්!

ලග්ගල පොලිසියේ ගිනිඅවි පැහැරගනීලග්ගල පොලිස් ස්ථානයේ අවි ගබඩාවට ඇතුළු වී පසුගිය 13 වන දින රාත්‍රියේදී පැහැරගනු ලැබූ ගිනි අවි සොයා සිදු කරන මෙහෙයුම් මේ වනවිට පුළුල් කර ඇති බව වාර්තා වේ.

එදින රාත්‍රී පොලිස් ස්ථානයේ රාජකාරී සිදු කළ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ තාවකාලිකව වැඩ තහනම් කර තිබේ. අලුයම 1.00 ට පමණ මෙම ගිනි අවි පැහැර ගැනීම සිදුවී ඇති බවට සැක කෙරෙන අතර මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යන අංශ පරීක්ෂණ කටයුතු සඳහා එක් වී ඇති බව වාර්තා වේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින රාත්‍රී රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්