WFDY 70 වෙනි වසර සමරයි

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙවත් WFDY හි 70වෙනි සමුරුව අද (12) සහ හෙට(13), අනිද්දා (14) යන දිනවල නැඹීයාවේදී පැවැත්වෙන බව වාර්තා වේ.

එයට සහභාගීවීම සඳහා මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක මෙන්ම සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිදායක බිමල් රත්නායක මහතා මෙරටින් පිටත්ව ගිය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමයට අමතරව එහි ශිෂ්‍ය සංගමය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයද ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ ක්‍රියාකාරී සාමාජික‍යෝ වෙති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්