ගාල්ල වරායේ පාවෙන යාත්රාවේ අවි ගබඩාව පවත්වාගෙන ගිය ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති විශ්රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද (12) පැමිණ තිබේ.
විශාල ලිපිගොනුවක්ද ඔහු එහි රැගෙන විත් තිබී ඇති අතර එම පාවෙන අවි ගබඩාව පවත්වාගෙන ගියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනුමැතියෙන් බව ඔහු කියති.
අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව පවසනුයේ එවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යෑම නීති විරෝධී ක්රියාවක් බවත් එය රාජ්ය ආරක්ෂාවට තර්ජනයක් වන බවත්ය.









