Video: ජනාධිපතිකම කරද්දි එපා වුණ මහින්ද ජනතාවට ඕනෑ වෙයිද?

රටේ ජනතාවගේ ප්‍රශ්න කිසිවක් කතා නොකරන මහින්ද රාජපක්ෂ අනුගාමිකයන්ගේ එකම දේශපාලන සටන් පාඨය වී ඇත්තේ අගමැතිකම ලබා ගැනීම වී තිබුණත් ජනාධිපති ධූරය දරමින් සිටියදී එපා වුණ මහින්ද රාජපක්ෂව නැවත ජනතාවට අවශ්‍ය වේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රශ්න කරයි.

දින 100 අවසන් – රට වෙනුවෙන් නව ගමනක් යන තේමාව යටතේ රට පුරා පවත්වමින් යන සම්මන්ත්‍රණමාලාවේ ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණයේදී මෙසේ ප්‍රකාශ කළේය. මේ වනවිට භාණ්ඩ මිල ඉහළ යාම, රැකියා විරහිත භාවය ඇතුළු ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වී තිබියදී මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයින්ගේ එකම මාතෘකාව වී ඇත්තේ නැවත කෙසේ හෝ බලය ලබා ගැනීමය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්