හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මේ වනවිට පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් වෙත ප්රකාශයක් ලබා දෙමින් සිටින බව වාර්තා වේ. ඒ කතානායකවරයාගේ නිල නිවසේදීය.
කතානායකවරයාගේ නිල නිවසට මීට ටික වේලාවකට පෙර හිටපු ජනාධිපතිවරයා සමග ශිරන්ති රාජපපක්ෂ මහත්මිය පැමිණ තිබේ. පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නොගොස් කතානායකවරයාගේ නිල නිවසේදී කටඋත්තර ලබා දීමට හිටපු ජනාධිපතිවරයාද පැමිණ තිබේ.











