පොලිස්පත්වරයා වහාම ඉල්ලා අස් විය යුතු බවත් අතුරුගිරිය පොලීසියේ ඕඅයිසීවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා තමන් ලිපියක් ලබා දුන් බවත් අධිකරණ නියෝජ්ය අමාත්ය සුජීව සේන සිංහ මහතා පවසයි.
ඊයේ (05) පැවති මාධ්ය හමුවකදී ඔහු මේ බව පැසූ අතර යහපාලනය හරි භයානක බවත් ඒ හරහා නිලධාරිවාදයක් ඇතිවිය හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
පොලිස්පතිවරයා තමාට “ලොරි ටෝක්” දෙන්න පැමිණි බවත් සේනසිංහ මහතා මෙහිදී ප්රකාශ කළේය.
පසුගිය රාජපක්ෂ පාලනය හා සැසඳීමේදී සාපේක්ෂව පක්ෂ බේදයකින් තොරව නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියදී වත්මන් ආණ්ඩුවේ අධිකරණ නියෝජ්ය ඇමතිවරයා සිදුකරන මෙම ප්රකාශයත්, තම බලයක් යටතේ පොලිස් නිලධාරීන්ට ගල් ගසා මරණ බවට දකුණු පළාත් සභා ඇමති ඩී.වී. උපුල් කළ ප්රකාශයත් බොහෝ දුරට සමාන යැයි දේශපාලන විචාරකයෝ පවසති.









