මහවැලි ඉඩම් මංකොල්ලය වහා නවතා දමන ලෙසත්, මහවැලි ඉඩම්වල පදිංචි ජනතාවට එම ඉඩම් සඳහා වහාම සින්නක්කර ඔප්පු ලබාදෙන ලෙසත් ඉල්ලමින් එහි ජනතාව ඊයේ (03) උඩවලව සතිපොළ අසළදී විරෝධතාවයක නිරතවී අවසානයේ සත්යග්රහයක්ද ආරම්භ කළේය.
අපි ඔබ වෙනුවෙන් ඔබ අපි වෙනුවෙන් සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබූ අතර එහිදී ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී උපුල් මහතාද තවත් පදිංචිකරුවන් කිහිපදෙනෙකුද මාධ්යවෙත අදහස් දැක්වීය.









