නාගරික සංවර්ධන අධිකාරිය මගින් මොරටුව, කටුබැද්ද ලංගම ඩිපෝව වෙත යවා ඇති අංක 5/5/10/1/4/3/Pro/9 දරණ ලිපියක් මගින් එම ලංගම ඩිපෝ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන්කර ඇත.
වසර ගණනාවක් තිස්සේ සේවක පඩි නොගෙවීම, ඇතැම් ඩිපෝ වසා දමමින් ඒවාට අයත් බස්රථ වෙනත් ඩිපෝවලට මාරුකර යවමින් ඩිපෝ වසා දැමීම, සේවකයින්ගේ වෙනත් දීමනාවන් නොගෙවීම ඇතුළු ක්රියාමාර්ගවලින් ශ්රී ලංගමය අර්බුදයට යවා ලංගම වසා දැමීමේ තැතක් ඇති බව පැහැදිලි වන්නේයැයි සේවකයෝ පෙන්වාදෙති.
කටුබද්ද ලංගම ඩිපෝවට අයත් ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම හරහා එම ක්රියාමාර්ගය නැවත වරක් සනාත කර ඇති බව ලංගම සේවකයෝ පවසති.










