යාපනය කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී වීරසිංහ පතිරණලාගේ විමලසේන සහ ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ආනන්ද රාජකරුණා යන මහත්වරුන්ව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නලධාරීන් විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
බියගම විලේජ් අධිපති කෝටිපති ව්යාපාරික බර්නාඩ් ජයරත්න මහතා කපා කොටා ඝාතනය කළැයි කියන සිද්ධිය වසන් කිරීමට ආධාර අනුබල දුන්නැයි ඔවුනට චෝදනා එල්ල වී ඇත.









