වෛද්‍ය සමන්මලීට කෝටි 18ක වන්දියක්

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශයේ අට්ටාලයක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුට මුහුණ දුන් එවකට වෛද්‍ය ශිෂ්‍යාවක වූ මේ වනවිට වෛද්‍යවරියක්ව සිටින සමිතා සමන්මලී මෙනවියට රුපියල් දහ අට කෝටි හැත්තෑ අට ලක්ෂයක (රු. 187,800,000) වන්දිමුදලක් ගෙවන්නැයි කොළඹ දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පාලනාධිකාරියට අද (27) නියෝග කර තිබේ.

2008 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ MEDEX-08 ප්‍රදර්ශනයේ මූලික කටයුතු සඳහා එම පරිශ්‍රයට ඇ‍ය එදින ගොස් සිටි අතර ඒ වනවිට පවත්වා අවසන්ව ගලවා ඉවත් නොකිර තිබු දැයට කිරුළ ප්‍රධර්ණයේ කුටියක් මෙසේ ඇය මත කඩා වැටී තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්