SAITM සමීරට වෙඩිතැබිමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රීගෙන් ජන්ද සටනට

SAITM සමීරට වෙඩිතැබිමේ නාටකයේ පාතාල මන්ත්‍රී මෛත්‍රීගෙන් ජන්ද සටනට

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනයේ විධායක නිලධාරී සමීර සේනාරත්නට වෙඩි තැබීයැයි සිදු කළ රංගණයේ මහ මොලකරුවා ලෙස මේ වනවිට හඳුනාගෙන සිටින කඩුවෙල නගර සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මෙවර මෛත්‍රී පාර්ශවයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

ඔහු නම ගිය පාතාල සාමාජිකයෙකු වන “ටීනා” නැමැත්තාගේ සමීපතමයෙකු බවද එකල මාධ්‍ය වාර්තා කර තිබූ අතර එම සිදුවීම වන සමය වනවිට ඔහු මහින්ද පාර්ශවය සමග කටයුතු කරමින් සිටියේය.

සයිටම් විරෝධීන් විසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යැයි හැඟවීම සඳහා සයිටම් ආයතනය වෙනුවෙන් මෙම වෙඩි තැබීමේ රංගණය සම්පූර්ණයේම ලක්මාල් විලත්ගමුව විසින් සැලසුම් කර තිබිණි.

ලක්මාල් විලත්ගමුව සහ සුසිල් නැමති අනෙක් පුද්ගලයා මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් දෙදෙනා වෙනුවෙන් පෙනිසිටියේද මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පැවති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇති නඩු වෙනුවෙන් පෙනී සිටින ප්‍රේමනාත් සී දොලවත්ත නීතීඥ මහතාය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්