S.B. යලිත් නීතියට ඔච්චම් කරයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් ක‍්‍රියාකරමින් සිටින සමාජ සවිබලගැන්වීමේ ඇමති එස්.බී. දිසානායක පසුගිය 9වනදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන තීන්දුවක් අභියෝගයට ලක්වන ප‍්‍රකාශයක් කර තිබෙන බව නීතිවේදීන් පෙන්වා දෙති.

ඔහු එහිදී කර තිබෙන “රජයේ වෛද්‍ය පීඨවල සිටින සිසුන්ගෙන් 60%ක් මාළඹේ සිසුන්ට වඩා අඩු සුදුසුකම් තිබෙන දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමයට පින්සිද්ධ වෙන්න පැමිණි අය” යන ප‍්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කිරීමක් වී තිබේ. විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී අනුගමනය කරන දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමයට ඇමතිවරයා පහර දී තිබේ.

සෙනෙවිත්න නම් පුද්ගලයෙකු විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව වගඋත්තරකරු කරමින්‍ ගොනු කර තුබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කර බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, කුසලතා වර්ධනය කර ගැනීමට පුද්ගලයෙකුට තිබෙන අයිතිය කෙරෙහි කිසිවෙකුට සීමා පැනවිය නොහැකි බව තහවුරු කර තිබෙන අතර, නමුත් සම්පත් බෙදී යාමේ විෂමතාවය වැනි සාධක නිසා රජය හඳුන්වා දී තිබෙන දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය පැහැදිලිව ආරක්ෂා කර දී ඇත.

දැන් එස්.බී. දිසානායක ඇමතිවරයා අභියෝගයට ලක් කරන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට එරෙහි සෙනවිරත්න නඩු තීන්දුවය.

ඇමතිවරයා මෙම සාකච්ඡාවේ දී වැඩි දුරටත් ප‍්‍රකාශ කර තිබුණේ රජරට, මඩකලපුව සහ යාපනය යන වෛද්‍යපීඨවල ආචාර්යවරුන්ගේ විශාල හිඟයක් තිබෙන බවය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් සිටි ඔහු  විශ්වවිද්‍යාල අධ්‍යාපනය විශාල කප්පාදුවකට ලක් කිරීම නිසා මේ වනවිටද වෛද්‍ය පීඨවල ආචාර්යවරුන්ගේ උග‍්‍ර හිඟයක් ඇති වී තිබේ.

එස්.බී. දිසානායක මහතා මීට පෙරද අධිකරණය අපහාසයට ලක් කිරීමේ චෝදනා මත අධිකරණයෙන් වරදකරුවෙකුව දඬුවම් ලබමින් සිටියදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය විධායක බලතල පාවිච්චි කර ඔහුට තේජනාධිපති සමාව යට පූර්ණ නිදහල ලබා දුන් අතර පසුව ඔහු මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට එක් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්