චීනය සුපිරි චන්ද්‍රිකාවක් ගුවන්ගත කරයි

අභ්‍යාවකාශයේ තිබෙන චන්ද්‍රිකා මගින් එවනු ලබන දත්ත සොරාගත නොහැකි ආකාරයේ නවීනතම චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට චීනය ඊයේ (15) සමත්ව තිබේ.

මෙම චන්ද්‍රිකාව මගින් අභ්‍යවකාශයේ සිට පෘථිවියේ පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථනය වෙත ලබා දෙනු ලබන දත්ත කිසිඳු ආකාරයකින් හැකර් කරුවන්ට සොරාගත නොහැකි ආකාරයෙන් නිර්මාණය කර තිබේ. මෙවැනි ආකාරයේ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කරනු ලැබුවේ පළමුවරට වන අතර චන්ද්‍රිකා නාශක මිසයිලවලට පවා ඔරොත්තු දෙන ආකාරයනේ මෙම චන්ද්‍රිකාව නිර්මාණය කර තිබේ.

චීනය සතු අභ්‍යාවකාශ ශක්තිය වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් මේ වනවිට විශේෂ සැලසුමක් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක අතර එහි එක් පියවරක් ලෙස මෙම චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගත කර තිබේ. මේ වනවිට තොරතුරු තාක්ෂණය ඇතුළු සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්තයින් අතරට එක් වීමට චීනය සමත්ව සිටින අතර එය ඇමෙරිකානු අධිපත්‍යට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත්ව තිබේ.

China launched the world's first quantum satellite on top of a Long March-2D rocket from the Jiuquan Satellite Launch Center in northwest China early Tuesday.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්