රිය අනතුරකින් PSD 4ක් මරුට – 4කට බරපතලයි

මිනුවන්ගොඩ – කොළඹ පාරේ මිරිස්වත්තේදී පෞද්ගලික බස්රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

ඩිෆෙන්ඩර් රියේ ගමන් කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක ඒකකයේ පිරිසක් බවත් ජීවිතක්ෂයට පත්ව ඇති සිව්දෙනාම එම ආරක්ෂක ඒකකයේ අය බවත් වාර්තා වේ.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි තුවාල ලබා ඇති 10දෙනාගෙන් සිව් දෙනෙකු බරපතල තත්වයේ පසුවේ. බරපතල තත්වයේ පසුවන්නන් අතර ජනාධිපති ආරක්ෂක ඒකකයේ කිහිපදෙනෙකු සිටින බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්