ඌව පළාත් සභාවේ ඝනපූර්ණය නොමැති නිසා එය රැස්වී සුළු මොහොතකින් කල් තැබීමට සිදු වූ බව වාර්තා වේ.
මෙහි විශේෂත්වයක් වන්නේ එම පළාත් සභාවේ ආපන ශාලාව තුළ රැදී සිටි විශාල මන්ත්රීවරුන් සංඛ්යාවක් සභා ගර්භයට නොයා සිටීමය.
ඝනපූර්ණය සඳහා මන්ත්රීවරුන් 11 දෙනෙකු සිටිය යුතු නමුත් ජවිපෙ මන්ත්රීවරුන් දෙදෙනාත් එජාප මන්ත්රීවරුන් දෙදෙනෙකු ඇතුළු මන්ත්රීවරුන් දස දෙනෙකු පමණක් අද (10) සභාවට සහභාගී වී සිට ඇත.
මෙම පළාත් සභාව පිහිටුවා මේ වනවිට වසරක් තුළ එය විසි වරකට වැඩි අවස්ථා ගණනකදී කල් තබන ලද බවට අනාවරණය වේ.









