සතුරන්ගේ ගෙළ සිඳීමට IS ත‍්‍රස්තයෝ කුඩා දරුවන් යොදාගනී

කුඩා දරුවෙකු විසින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියෙකුගේ ගෙළ  කපා ඝාතනය කරන වීඩියෝවක් IS ත‍්‍රස්ත සංවිධානය විසින් අන්තර්ජාලයට මුදාහැර තිබේ.

සිරියාවේ පැල්මයිරා නගරයේදි සිදුකලා යැයි විශ්වාස කරන මෙම අති අමනුෂික කි‍්‍රයාව සඳහා යොදාගෙන ඇත්තේ වයස අවුරුදු 10 ක පමණ කුඩා දරුවෙකු වන අතර කැළැ සටන් ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිටින දරුවා විසින් කුඩා පිහියක් යොදා ගනිමින් යටත් වූ සිරියානු හමුදා නිළධාරියාගේ ගෙල කපා දමන  ආකාරය අසල සිටින IS ත‍්‍රස්තයෙක් විසින් නිරීක්ෂණය කරන ආකාරයද අන්තර්ජාලයට මුදා හැර ඇති වීඩියෝ පටයේ දක්නට ලැබේ.

අත්අඩංගුවට ගත් සිරියානු හමුදා සෙබළුන් 25ක්  ඝාතනය කිරීමට වයස අවුරුදු 14 – 16 අතර සිටින තරුණයන් පිරිසක් යොදා ගත් වීඩියෝවක් ජූලි මස ආරම්භයේදි IS ත‍්‍රස්තයන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබුණි. 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්