පකිස්ථානුවන් දිගු ඉනිමකට අඩිතාලම දමයි

සංචාරක පකිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (19) පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්ථාන නායකයා සමත් වූ අතර ඔහු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග දිවා රාත්‍රී තරගයක් ලෙස මෙම තරගය පැවැත්වේ.

තරගය නැරඹීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ පකිස්ථානු ජාතික සහීර් අබ්බාස් මහතා සහභාගී වී තිබේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සිදත් වෙත්තමුණි මහතා කළ ඇරයුමකට අනුවය.

පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම මේ වනවිට පන්දුවාර 32ක් අවසනායේ කඩුලු 2ක් දැවී ලකුණු 167ක් ලබා ගෙන ස්ථාවර ලකුණු සංඛ්‍යාවක් ලබා ගෙන සිටී. ලකුණු ලබා ගැනීමේදී අසාර් අලී ලකුණු 49 කටද අහමඩ් ෂේෂාඩ් 44 කට ද දැවී ගියේය. නොදෙවී පන්දුවට පහර දෙන මොහොමඩ් හෆීස් ලකුණු 38ක් හා සෆ්රාස් අහමඩ් ලකුණු 27ක් ලබා ගෙන සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්