GovPay ඩිජිටල් ගෙවීම් රු. බිලියනයේ සීමාව පසුකරයි

GovPay ඩිජිටල් ගෙවීම් රු. බිලියනයේ සීමාව පසුකරයි

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ.

ඒ අනුව ඊයේ (03) දිනය වනවිට ගනුදෙනු 40,920ක් ඔස්සේ රුපියල් එකිසියකෝටි දාහතර ලක්ෂහැට නවදහස් අටක (1,001469008) රාජ්‍ය ගනුදෙනු සිදු කර ඇති අතර මේ සඳහා රාජ්‍ය ආයතන 200ක ප‍්‍රමාණයක් එක්ව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා රජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay මඟින් බදු, දඩ, උපයෝගිතා බිල්පත්, අධ්‍යාපන ගාස්තු සහ අනෙකුත් සේවා ගාස්තු ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු සඳහා බැංකු සහ ඩිජිටල් මුදල් පසුම්බි හරහා ආරක්ෂිතව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට පුරවැසියන්ට සහ ව්‍යාපාරවලට පහසුකම් සලසා දී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්