ඝාතන 05කටත් සම්බන්ධ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

ඝාතන 05කටත් සම්බන්ධ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මධුසංඛ නොහොත් ‘සමපෝෂ’ නැමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු වන බව සඳහන් වේ.

අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890ක්ද සොයාගෙන ඇති බවත් මොහු මනුෂ්‍ය ඝාතන 05කට සම්බන්ධ බවත් පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්