නිදහස් සහ විවෘත අන්තර්ජාලයේ ගුණයහපත්කම් ගැන කියා දීමට ගූගල් සමාගමේ විධායක නිළධාරීන් පිරිසක් කියුබාවට ගොස් තිබේ. එහෙත් ඒ සඳහා කියුබානු රජයෙන් යහපත් ප්රතිචාරයක් ලැබී නැති බවයි වාර්තා වෙන්නේ.
කියුබාවේ අන්තර්ජාල සබඳතා ලක්ෂ 26ක් පමණ පවතී. බොහෝමයක් ඒවා පොදු ජනතාවට භාවිතා කළ හැකි සේ රජයේ මැදිහත්වීමෙන් ලබා දී තිබේ. එහෙත් රජය විසින් අන්තර්ජාල සබඳතා සඳහා යම් යම් සීමාවන් පනවා තිබේ.
මීට හේතු වී තිබෙන්නේ ඇමරිකානු රජය තම බුද්ධි අංශ යොදවා අන්තර්ජාලය භාවිතා කර කියුබාවේ සමාජවාදී පාලනය බිඳ දැමීමට උත්සහ කිරීමයි. තවමත් ඇමරිකාව කියුබාවට සයිබර් ප්රහාර එල්ල කිරීම නවතා නැත. කියුබාව පවසන්නේ ගූගල් සමාගම පැමිණ ඇත්තේ ඇමරිකානු ආණ්ඩුවේ වුවමනාවට බවයි.
කෙසේ වෙතත් ගූගල් සමාගම ඇමරිකාවේ බුද්ධි අංශවලට ඔත්තු බැලීමට සහ තොරතුරු සොයා ගැනීමට රහස්ය ගිවිසුමක් මගින් එකඟ වී ඇති බව හෙලිවී තිබෙනවා. විශ්ලේෂකයන් පවසන්නේ ලෝකය පුරාම තම තාක්ෂණ ආධිපත්ය පතුරවමින් සිටින ගූගල් සමාගම දැන් ඒ හරහා මිනිස් ජීවිත වලට හා පුද්ගලිකත්වයට තර්ජනයක් වී ඇති බවයි.









