ලොව බලවත්ම රාජ්යයන් හතේ නායකයින්ගේ සමුළුවක් අද (07) ජර්මනියේ ඇල්ප්ස් කඳුවැටිය ආසන්නයේ පිහිටි බැවේරියා ප්රදේශයේ ආරම්භ වී තිබේ. එයට මරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ජපාන අගමැති ෂින්සෝ අබේ, බ්රිතාන්ය අගමැති ඬේවිඞ් කැමරන්, ප්රංශ ජනාධිපති ෆ්රාංශුවා හොලාන්ඞ්, කැනඩා අගමැති ස්ටීවන් හාපර් සහ ඉතාලි අගමැති මැට්ටියෝ රෙන්සි, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහභාගී වී ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.
මීට පෙර පැවැතියේ රුසියාවද ඇතුළත්ව G-8 නමින් වුවද යුක්රේන අර්බුදය පදනම් කරගනිමින් රුසියාව එම සංවිධානයෙන් ඉවත් කිරීමට කටයුතු කර කළේය. අද රැස්වන රාජ්ය නායකයින්ගේ ප්රධානතම කරුණ වී තිබෙන්නේ රුසියාවට එරෙහිව තවදුරටත් සම්බාධක පැණවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විම බව වාර්තා වේ. ඇමෙරිකාව ප්රමුඛ බටහිට ප්රබලයින්ගේ සංවිධානයට අභියෝග කරමින් මේ වනවිට රුසියාව, චීනය, බ්රසීලය, ඉන්දියාව, දකුණු අප්රිකාවේ මූලිකත්වයෙන් මේ වනවිට BRICS සංවිධානය ගොඩගනා මේ වනවිට ජාත්යන්තර මුල්ය අරමුදලට විකල්ප අරමුදලක් ගොඩනගා තිබේ.
මෙම තත්වය ඇමෙරිකාව ප්රමුඛ බටහිර රාජ්යන්ගේ ආරක්ෂක, මුල්ය, දේශපාලනික ඇතුළු සෑම අංශයකටම ප්රබල අභියෝගයක් වී ඇත එහි මූලිකයා වී සිටින රුසියාව අඩපණ කරවීමට උත්සාහ දරමින් සිටී. එහි තවත් දිගුවක් ලෙස මෙවර G-7 රාජ්ය නායක සමුළුව හදුන්වා දිය හැකි බවට දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









