මාතලේ – ඇල්කඩුව මාර්ගයේ සෙම්බුවත්ත ප්රදේශයේදී අද (07) පස්වරුවේ වෑන් රථයක් ප්රපාතයකට පෙරළී යාමෙන් එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.
අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 8 දෙනෙකු මාතලේ රෝහල වෙත මේ වනවිට ඇතුළත් කර තිබේ. ඒ අතර කුඩා ළමුන්ද සිටින බව වාර්තා වේ. මෙම වෑන් රථය අනතුරට පත්වී තිබෙන්නේ විනෝද චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් තිබෙන අතරතුරදීය.









