ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්රී සමන්ත විද්යාරත්න මහතාට හෙට (04) පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) පැමිණෙන ලෙස දන්වා ඇත.
ඌව පළාත් සභා මන්ත්රීවරයෙකු මෙන්ම මහියංගණය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලෙස පසුගිය පාලන කාලයේ කටයුතු කළ අනුර විදානගමගේ මහතා විසින් කළ මුල්ය අපරාධයක් පිළිබඳව සමන්ත විද්යාරත්න මහතා කළ පැමිණිල්ලකට අනුව පැමිණිලි පාර්ශවයේ කට උත්තරයක් ලබාගැනීම සඳහා මෙලෙස සමන්ත විද්යාරත්න මහතාට හෙට (04) පෙ.ව 9.00ට කොළඹ කොල්ලුපිටිය පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා ඇති බව ජවිපෙ මාධ්ය ඒකකය සඳහන් කරයි.









