ලියනගේ, බැසිල් CIDයට කැඳවයි

ප්‍රකට ඉඩම් වෙන්දේසි කරුවකු වන ඒ.එස්.පී. ලියනගේ සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරි දින කිහිපය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව ඒ.එස්.පී. ලියනගේ මහතා හෙට (20) එම දෙපාර්තමෙන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවට අධිකරණ නියෝගයක් ලැබී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසියෙකු වන ඔහු අනිද්දා (21) මෙරටට පැමිනීමට නියමිත අතර ඔහු පැමිණි වහාම ගුවන් තොටුපලින් අපරාධ පරීක්ෂණ දෙපාරතුමේන්තුව භාරයටගෙන ප්‍රකාශකයක් සටහන් කරගැනීමට නියමිතය.

ලබන සතිය වන විට රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් 7දෙනකුගෙන් පමණ ප්‍රශ්න කිරීමට හෝ අත් අඩංගුවට ගැනීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්