යක්කල වික්රමාරච්චි ආයුර්වේද විද්යාලයේ සිසුන්ට එල්ල වූ පොලිස් ප්රහාරයට වාරෝධය දක්වමින් හා සිසු ගැටළුවලට විසඳුම් ඉල්ලා අද (20) දහවල් 12.00ට එම විශ්වවිද්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරතවී නැවතත් සත්යග්රහය ආරම්භ කිරීමට එම සිසුන් තීරණය කර තිබේ.
යක්කල වික්රමාරච්චි ආයුර්වේද විද්යාලයේ සිසුන් සිය ගැටළුවලට විසඳුම් ලබා දීමට බල කරමින් පසුගිය (17) වනදා ආරම්භ කළ සත්යග්රහයට පොලීසිය පහර දී අට්ටාලය කඩා දමන ලද අතර පසුගිය (18) අලුයම නැවත එයට මැර ප්රහාරයක් එල්ල විය. ඉන් තුවාල වූ සිසුන් දෙදෙනෙකු මේ වනවිට රෝහල් ගත කර සිටිති.









