රෙදි බෑගයක කාන්තා මළ සිරුරක් – CCTV රූප රාමු පිරිස්කසයි

පිටකොටුව – බැස්ටියන් මාවත – පුද්ගලික බස් නැවතුම්පොලේ අනුරාධපුර නැවතුමේ ගමන් මල්ලක තිබී අද (29) පෙරවරුවේ හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය කරගෙන නොමැති අතර බැස්ටියන් මාවත, බස් නැවතුම්පොල අවට සවි කර ඇති සී.සී.ටී.වී කැමරා පද්ධතියේ දත්ත පරීක්ෂාවට ලක් කිරීමට බලාපොරොත්තු වන බවද පොලිසිය ප්‍රකාශ කරයි.

ගමන්මල්ල හමුවූ අවස්ථාවේ බැස්ටියන් බස්නැවතුම්පොලේ අනුරාධපුර නැවතුම ආසන්නයේ සිටි මගීන්ගෙන් සහ බස් රථ සේවකයන්ගෙන් පොලිසිය මේ වනවිටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

බස් නැවතුමේ සිටි මගීන් කිහිපදෙනෙකු හිමිකරුවෙකු නොමැති ගමන්මල්ලක් දැක පරීක්ෂා කිරීමේදී එහිදීයි තිබූ මළ සිරුර දැක පිටකොටුව පොලිසියට දැනුම්දී අනතුරුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයට පැමිණ ගමන්මල්ල නිරීක්ෂණය කර තිබේ.

ගමන් මල්ල සම්පූර්ණයෙන්ම විවෘත කර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පෙර එය මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක් කළ යුතු බැවින් අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත්වරයා – පරීක්ෂණය සඳහා ගමන්මල්ල ඇති ස්ථානයට පැමිණීමට නියමිතව ඇත.

ගමන්මල්ල හමුවූ ස්ථානයට මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පරීක්ෂණ සඳහා පිටකොටුව පොලිස් නිලධාරින්ගේ සහයට කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ද එම ස්ථානයට පැමිණ තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්