ගාල්ලේ පිලානාහි පිහිටි මෙත්සෙවණ මධ්යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්රාත් ගුණේන්ද්ර මුණසිංහ මහතා ගලබොඩ අත්තේ ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනාවට අද (29) නියෝග නිකුත්කර තිබේ.
බොදු බලසේනාවේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් බටගොඩ ගමගේ අසංක අමරසිරි මහතා විසින් ගොනු කළ පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා එම තීන්දුව ලබාදී ඇත.
ජර්ම්න ජාතික මයිකල් කර්ස්ටිවෙයාර් නැමැත්තා විසින් ගාල්ල පිලානා ප්රදේශයෙහි පවත්වාගෙන ගිය නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයට අනුබද්ධ ‘මෙත් සෙවණ’ අධ්යපන, සංස්කෘතික මධ්යස්ථානය මෙසේ බොදු බල සේනා සංවිධානයේ නායකත්ව පුහුණු මධ්යස්ථානය ලෙස පරිවර්ථනය කෙරේනු අතර එහි බොදු බල සේනා සංවිධානයේ කාර්යාලයක්ද පවත්වාගෙන ගියේය.
එය විවෘත් කරනු ලැබූවේද ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.
ආශ්රිත පුවත්









