හිටපු අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට අදාළ චෝදනා විභාග කළ තේරීම් කාරක සභාව ලබා දුන් තීන්දුව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමට අවසර දෙමින් ලබා දී තිබූ නියෝගය අද (29) ඉවත් කර තිබේ.
ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අදාළ අභියාචනය අද විභාග කිරීමට පසුගිය අප්රේල් මස 30වන දින ශ්රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.
පසුගිය 22දා නතා ජවිමුක්ති පෙරමුණ ශ්රේෂ්ඨාධිකරණයේ මෝසමක් ගොනු කරමින්, මෙම ඇපෑල ඉදිරිපත් කිරීමෙන් ශ්රේෂ්ඨාධිකරණ රීතිමාලවේ 8වන වගන්තිය උල්ලංගනය කර ඇති බවත් එම මෝසමෙන් දන්වා සාමාන්යයෙන් මෙවැනි ඇපෑලකදී අනෙක් පාර්ෂවයෙන් කරුණු විමසන නමුත් අනෙක් පාර්ෂවය වන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා නොමැතිව කරුණු විමසා ඇති බවත් සඳහන් කර තිබිණ.
ඊට දෙමළ ජාතික සන්ධානයේන්ද මෝසමක් ගොනුකර තිබී ඇත.
අද ශ්රේෂ්ඨාධිකරණයේදී කරුනු ඉදිරිපත්කරීමෙන් පසුව එම ප්රකාශ සලකා බැලූ පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනය අද දිනයේ විභාග කිරීම සඳහා අවසර දෙමින් ලබා දී තිබූ නියෝගය ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අදාළ අභියාචනයට එරෙහිව කරුණු දැක්වීමට ආර්.සම්බන්ධන් සහ විජිත හේරත් යන මන්ත්රීවරුන්ට ලබන 10 වැනි දින ශ්රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට ද විනිසුරු මඩුල්ල අවසර ලබා දී තිබේ.
සලීම් මර්ෂුප් (සභාපති) පී. ඒ. රත්නායක, සත්ය හෙට්ටිගේ, එස්. ඊ. වනසුන්දර යන මහත්වරු සහ රෝහිනී අමරසිංහ මහත්මිය විනිසුරු මඩුල්ලට ඇතුළත්ව සිටිති.
ආශ්රිත පුවත්









