සේවා නියුක්තයන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ මුදල් සඳහා ඉකුත් වසර වෙනුවෙන් ගෙවනු ලබන පොලිය පොලිය 8%ක් දක්වා අඩු කර ඇති බව වාර්තා වේ. එමෙන්ම ETF සුරැකීමේ සේවක සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ එම අරමුදල බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බවයි.
සේවා නියුක්තයන්ගේ අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) ටී. මල්ලිකාරච්චි මහතා අද (28) මාධ්‍ය වෙත ප්‍රකාශකර ඇත්තේ 2018 වරේ එම අරමුදලේ මුදල් සඳහා ගෙවනු ලැබූ 9%ක් වූ පොලිය ඉකුත් වසරේ 8%ක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි.
ETF සුරැකීමේ සේවක සංගමය තවදුරටත් ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ මෙම අරමුදල කඩාවැටීමකට ලක්ව ඇති බව මේ වනවිට පැහැදිව පෙනී යන බැවින් ඉක්මනින්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ඉහළම දැනුමක් ඇති යෙකු අරමුදලේ ඉහළ තනතුරකට පත් කරන ලෙසයි.
සේවා නියුක්තයන්ගේ අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලක්ෂ 25ක් ඉක්මවා ඇති බවත් රුපියල් බිලියන 350ක් ඉක්මවූ මුදලක් අරමුදලේ ඇති බවත් පෙන්වා දෙන එම සිංගමය දැනට වසර 15කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති සාමාන්‍යධිකාරී තනතුර පිරවීමට කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ඉල්ලා ඇත.
මේ වනවිට සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට ක්‍රියාත්මක අතිරේක සාමාන්‍යධිකාරී තනතුරට හෝ මූල්‍ය ක්ෂේත්‍රයේ පුළුල් දැනුමක් ඇති පුද්ගලයකු පත්කර ඉක්මණින්ම අරමුදලේ කටයුතු ප්‍රතිසංවිධානය කරන්න කටයුතු කරන්නැයිද එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම කඩාවැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුතු නිලධාරීන් කිහිපදෙනෙකුද ආයතනය තුළ සිටි බැවින්, ඉතා ඉක්මනින් මෙම ආයතනය බේරාගැනීමට මැදිහත්විය යුතු යැයිද එම සේවක සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මගින් දන්වා ඇත.










