එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ප්රාදේශීය සභාවල අයවැය පරාජයවීය දිගින් දිගටම සිදුවෙමින් පවතිද්දී සන්ධානයේ නායකයින් දිගින් දිගටම එය වලකවා ගැනීමට එක එක වර්ගේ මුක්කු ගසමින් සටියත් ඒ සියල්ල ගැලවී යන තරමට උඩුදුවා ඇති ආණ්ඩුවේ අර්බුදය මෙමගින් පිළිබිඹු වෙමින් තිබේ. ඒ බව පෙන්නුම් කරමින් සන්ධානයට බලය හිමි දොම්පෙ ප්රාදේශීය සභාවෙත් ජා-ඇල ප්රාදේශීය සභාවෙත් 2014 අයවැය පරාජයට පත්වී ඇති අතර වත්තල ප්රාදේශීය සභාවේදී සහ හිඟුරක්ගෝඩ ප්රාදේශීය සභාවේදී අයවැයට පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් අතර උනුසුම් තත්වයන් හටගෙන තිබේ.
දොම්පෙ ප්රාදේශීයසභාවේ අයවැය මන්ත්රීවරු 22ක් සිටින අතර සන්ධානයේ මන්ත්රීවරු 13ක් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු 08දෙනෙක් සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්රීවරයෙක් සිටී. සභාපති මිලාන් ජයතිලක මහතා ඉදිරිපත් කළ අය වැයට පක්ෂව ඔහුද ඇතුළුව සන්ධාන මන්ත්රීවරු 08දෙනෙක් ඡන්දය දී ඇති අතර එජාප මන්ත්රීන් අට දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රීවරයාත් සන්ධාන මන්ත්රීවරු පස්දෙනෙකුත් අය වැයට විරුද්ධව ඡන්දය ලබා දුන් අතර වැඩි ඡනද 6කින් අයවැය පරාජයට පතිවයි.
මේ අතර ජා-ඇළ නගර සභා අයවැයෙන් සංධානය පරාජයට පත් විය. එම නගර සභාවේ මන්ත්රීවරු 09ක් සිටින අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු 06දෙනෙක් සහ විපක්ෂව මන්ත්රීවරු තිදෙනෙක් සිටිති. එහිදී අයවැයට විපක්ෂව ඡන්ද අටක් ලැබී ඇති අතර වැඩි ඡන්ද 07කින් එම අයවැයද පරාජය වී තිබේ.
වත්තල අයවැය ජයග්රහණය කරවා ගැනීම සඳහා සභාපතිවරයා මැරබලය පවා යොදවා ඇති අතර විපක්ෂයේ මන්ත්රීවරුනට සභාවතුලට යාමට පොලිස් ආරක්ෂාව පවා පැතීමට සිදුවිය. එහිදී ජවිපෙ මන්ත්රීවරයාට සභාව තුළට යාමට පවා අවස්ථාව ලබාදී නැති අතර මේ වනවිට ඔහු මේ සම්බන්ධයෙන් නීති ප්රතිපාදන අනුව කටයුතුකිරීමින් සිටින බව වාර්තා වේ.
මේ අනුව හිඟුරක්ගොඩ ප්රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත්කළ එහි සභාපති වරයා ඡන්ද විමසීමක් නොකර සභා ලේකම්වරයාද සමග ඉන් පිටව ගොස් තිබේ. කෙසේ නමුත් කොමසාරිස්වරයාගේ නියෝගය මත හෙට 20 දින එම අයවැය නැවත කැඳවා තිබේ.









