හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අත්තනගල්ල ආසනයේ ප්රධාන සංවිධායක හා දිස්ත්රික් උප ලේකම් නීතීඥ රුක්මන් සිල්වා මහතා නැවතත් එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇතැයි වාර්තාවේ.
එහිදී නීතීඥවරයා පවසා ඇත්තේ ප්රජාතන්ත්රවාදී පක්ෂය පසුගිය අයවැයේදී ආණ්ඩුවට විරුද්ධනොවීමට තීරණය කිරීමත් එමත් පක්ෂය නායකත්වයේ ඒකමතික තීරණවලට පමණක් කටයුතු කිරීමටත් එරෙහිව එජාපයට සහාය පළ කරන බවයි. තමන් එජාපයේ සිට ෆොන්සේකා මහතා සමග එක්වූයේ එහි විකල්පයක් ඇතැයි සිතූනිසා බවත් එවැනි විකල්පයක් එහි නැති බවත් ඔහු පවසා තිබේ.









