EPF මුදල් ආයෝජනයෙන් රුපියල් කෝටි 800ක පාඩුවක්

සේවක අර්ථසාධක මුදල් කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමෙන් රුපියල් කෝටි 810ක පමණ මුදලක් පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මහ බැංකුව මගින් සමාගම් 65ක පමණ සේවක අර්ථසාධක මුදල් ආයෝජනය කර ඇති අතර විශාල ලෙස පාඩු ලබන සමාගම්වලද මෙසේ ආයෝජනය කර ඇති බව ඒ මහතා‍ චෝදනා කරයි. ‍එක් සමාගමකින් පමණක් සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 110ක් පමණ වන අතර බොහෝ සමාගම් වලින් මෙලෙස පාඩු සිදු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්