මීරිගම ප්රාදේශීය සභාවේ 2014 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡන්ද 19 කින් ඊයේ (20) පරාජයට පත්වී තිබේ.
සභාපති ආනන්ද ප්රේමචන්ද්ර මහතාගේ ප්රධානත්වයෙන් මීරිගම ප්රාදේශීය සභා ශ්රවණාගාරයේදී පැවැති මහා සභා රැස්වීමේදී අයවැයට පක්ෂව ඡන්දය ලබාදී ඇත්තේ සභාපතිවරයා පමණි.
පක්ෂ විපක්ෂ අනෙක් සියලුම මන්ත්රිවරු අයවැයට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.
මීට පෙර අවස්ථා තුනකදීම සභාව පවත්වාගෙන යෑමට නොහැකිව කල් දමනු ලැබීය.
ආශ්රි. පුවත්









