කොළම දිස්ත්රික්කයේ පළාත් සභාවට අයත් පාසල්වල ළමුන් 2482කට අකුරු ලිවීම හෝ කියවීමට නොහැකි බව බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්රී සරත් පතිරණ මහතා අනාවරණය කළේය.
2012 වසර අවසානය වනවිට නුගේගොඩ 162ක්, කඩුවෙල 303ක්, මහරගම 173ක් සහ කොළොන්නාව 449ක් ලෙස දිස්ත්රික්කයේ අධ්යාපන කොට්ඨාශ සියල්ලේම ප්රාථමික පාසල් ළමුන් 1097කට අකුරු ලිවීමට හා කියවීමට නොහැකි අතර ද්විතීයික අංශයේදී (06 සහ 11 ශ්රේණිවල) එම ගණන 1385කි.
සරත් පතිරණ මහතා මේ පිළිඹඳව සභාවේ අවධානය යොමු කරන විට විෂයභාර අමාත්යවරයාවත් නිවැරදිව දැනුවත් වී නොතිබිණි.
ආසියාවේ අධ්යපන කේන්ද්රය ලංකාව කිරීම ගැන පුරසාරම් දොඩවන ආණ්ඩුව රටේ ගොඩනගන්නේ මෙසේදැයි එහිදී සරත් පතිරණ මහතා ප්රශ්න කරන ලදී.









