ජපානයට ප්‍රබල භූ කම්පනයක්!

දකුණු දිග ජපානයේ කියුෂූ දිවයිනේ ඊයේ (14) රාත්‍රී  9.30 පමණ ඇති වූ රික්ටර් පරිමාණයේ ඒකක 6.4 භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් නව දෙනෙකු ජීවිතක්යට පත්ව ඇති බව වාර්තා වේ.

භූ කම්පනය සිදු වී තිබෙන්නේ කියුෂූ දිවයිනේ මෂිකි නගරය ආසන්නයේ බව පැවසෙන අතර භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලිවලට බරපතල හානි සිදුවී තිබේ. මේ වනවිට ප්‍රදේශයට සැපයෙන විදුලිය හා ගෑස් සැපයුම අඩපන වී තිබෙන අතර පුද්ගලයින් 250ක් පමණ  තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ කටයුතු සහන සේවා කණ්ඩායම් ආරම්භ කර ඇති අතර තුවාල ලැබූවන් හෝ මියගිය ගණන තවදුරටත් ඉහළ යා හැකි බව පැවසේ.Map locatorFirefighters check damage to collapsed house in Mashiki, near Kumamoto city. 15 April 2016Residents stand on the street following an earthquake in Kumamoto city on April 14, 2016Broken dishes are seen at a restaurant after an earthquake in Kumamoto, southern Japan, in this photo taken by Kyodo April 14, 2016

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්