වසර පහක පමණ කාලයක් මියන්මාරයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ තේන් සේන් සිය ධූරයෙන් විශ්රාම ගැනීමෙන් දින හතරකට පසුව තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබේ.
2011 වසරේ සිට මියන්මාරයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ තේන් සේන් පැවිදි වන විට 70 වන වියේ පසුව වූ අතර ඔහු පැවිදි දිවියට ඇතුළත් වී තිබෙන්නේ මියන්මාරයේ මණ්ඩාලේ නුවර පිහිටි විහාරයකදී බව පැවසේ.










