ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස නැවත වරක් හිටපු ප්රවීණ ක්රිකට් ක්රීඩක සනත් ජයසූරිය මහතා පත්කළ බව අද (12) ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පැවැති මාධ්ය හමුවේදී ක්රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්රකාශ කර තිබේ.
පසුගිය පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය සඳහා පත් කළ වත්මන් තේරීම් කමිටුවේ නිල කාලය මේ මස 30 වැනිදායින් අවසන් වන අතර වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා වන අරවින්ද ද සිල්වා මහතා තේරීම් කමිටුවේ උපදේශකවරයකු ලෙස පත් කර ඇති බවද පැවසේ.
මීට පෙර සනත් ජයසූරිය මහතා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සීමාවේදී ශ්රී ලංකා කණ්ඩායම ජාත්යන්තර තරගාවලි රැසක් ජයග්රහණය කිරීමට සමත් විය.









