ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව බිඳවැටීමට ප්රධාන හේතුව අර්ජුන රණතුංග ඇමතිවරයා ක්රිකට් අතුරු පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ගනු ලැබූ ක්රියාමාර්ග බව ක්රීඩා අමාත්ය දයාසිරි ජයසේකර මහතා බීබීසී සංදේශයට ප්රකාශ කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්රීඩා අමාත්යවරයා ප්රකාශ කර ඇත්තේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව කඩාවැටීමට අර්ජුන රණතුංග සමග එවකට හිටපු අතුරු පාලක මණ්ඩලය සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි. එසේම අර්ජුන රණතුංග ඇමතිවරයා පවසන පරිදි ක්රිකට් අතුරු පාලක මණ්ඩලයක අවශ්යතාවයක් නොමැති බවත් අමාත්ය රණතුංගට අවශ්ය නම් වරායට එවැනි අතුරු පාලක මණ්ඩලයක් පත්කරගැනීම පිළිබඳව තමන්ගේ විරෝධයක් නොමැති බවය.
සමහර කැප්ටන්ලා කැමති නෑ තව ලෝක කුසලානයක් ලංකාවට අරන් එනවට එහෙම ප්රශ්නෙකුත් තියෙනවා. නිලවරණයකින් බලයට පත්වූ වත්මන් ක්රිකට් පාලක මණ්ඩලයට ක්රීඩාවේ ප්රගමනය වෙනුවෙන් ඉදිරි වසර පහක සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට අවස්තාව ලබා දිය යුතු බව ඇමතිවරයා පවසයි.









