මත් ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව රට පුරා වැඩසටහන් රැසක්…

මත් ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව රට පුරා වැඩසටහන් රැසක්…

අද (ජුනි 26)ට යෙදෙන මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව, රටම එකට” ජාතික මෙහෙයුම යටතේ රට පුරා විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ

ඒ අනුව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම්, “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සභාපති, ආචාර්‌ය නන්දික සනත් කුමානායකගේ සහභාගිත්වයෙන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන් හා වෙනත් අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු සම්බන්ධිත පාර්ශ්වයන් රැසකගේ සහභාගිත්වයෙන් ප්‍රධාන වැඩසටහන පැවැත්වේ.

උදේ 8.00 ජාතික මත් විරෝධී පා ගමන අරම්භ වන අතර එය කොළඹ චෛත්‍ය පාරෙන් ආරම්භ කර කොල්ලුපිටිය මංසන්ධියෙන් අවසන් වේ.

එමෙන්ම අද උදෑසන සිට රට පුරා අත්පත්‍රිකා බෙදා හැරීම හා ස්ටිකර් ඇලවීමේ ප්‍රචාරක වැඩසටහන, පස්වරු 2.00ට 110/8, විජේරාම මාවත කොළඹ 07 ස්ථානයේ “රටම එකට ” ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම සහ පස්වරු 2.30ට එහිදී විශේෂ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීම සිදු කෙරේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්