නිවාස ආධාර ව්‍යාපෘතිවල අක්‍රමිකතා ගැන දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන…

නිවාස ආධාර ව්‍යාපෘතිවල අක්‍රමිකතා ගැන දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන…

පසුගිය කාලයේ නිවාස ආධාර ව්‍යාපෘතිවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මේ වනවිට දිස්ත්‍රික් මට්ටමින් විමර්ශන ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ පවසනයි.

ඔහු සඳහන් කරන්නේ, ඊයේ (31) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස ව්‍යාපෘති ආශ්‍රිව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීම ආරම්භ කළ බවය.

එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 06ක නිවාස ආධාර මුදලක් ගෙවිය යුතු වුවත් ඇතැම් පුද්ගලයින්ට එම ණය මුදල් නිසි ලෙස ලබා දී නොමැති බවද ඔහු කියා සිටී.

එසේම නිවාස ආධාර ලබාදීමේදී නුසුදුස්සන් අතට එම ආධාර මුදල් පත්වීම සම්බන්ධයෙන් චෝදනා පවතින බව ඔහු පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවාස සංවර්ධන අධිකාරියේ එවක වගකීම් ඉසිලූ නිලධාරීන්ගෙන්ද කරුණු විමසීමට පියවර ගෙන ඇති බවත් ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ කියා සිටී.

ඔහු ප්‍රකාශ කළේ, ඇතැම් නිවාස ව්‍යාපෘති ඉදිකළ ප්‍රදේශ සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බවයයි.

මෙම නිවාස ආධාර යෝජනා ක්‍රම නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සැබෑ ලෙසම ආසාධාරණයට ලක්වූ පිරිස් සඳහා සහන සැලසීමට පියවර ගන්නා බවද නිවාස හා ඉදිකිරීම් ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn