ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල නොවන නායකයා ලෙසින් පෙනී සිටින නාමල් රාජපක්ෂ මහ නායක හිමිවරුන් පවා හමු වී ගෙන ගිය ප්‍රචාර මුළුමනින් ම අසාර්ථක වී ඇති බව අනාවරණය වේ.
ඔහුගේ සමීපතමයෙකු වී සිටින තිස්සකුට්ටිආරච්චි සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන දෙදෙනා ම ගෙන ගිය ව්‍යාජ ප්‍රචාර මෙන් ම දේශපාලන උපක්‍රමික ප්‍රකාශ ද මේ වනවිට විශේෂයෙන් රාජපක්ෂ පවුලට පාරාවළල්ලක් වී ඇත. මෙම තත්වය හමුවේ අලුත් ප්‍රචාරක සැලසුම් සකස් කරන ලෙස නාමල් රාජපක්ෂගේ සමීපතමයන්ට උපදෙස් ලබා දී ඇත. එහෙත්, මේ දක්වා නාමල් රාජපක්ෂ ක්‍රියා කළ ආකාරය මුල් කර ගෙන කිසිවෙකුත් අලුතින් වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වී නැති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තහවුරු වේ. වාර්තා වන අන්දම ට නාමල් රාජපක්ෂ ඍජුව ම මැදිහත් වී මහ නායක හිමිවරුන් හමුවීමෙන් දියත් කිරීමට සැලසුම් කර තිබූ වැඩ පිළිවෙල ද සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇත. ඒ පිළිබඳව ඍජුව ම චෝදනා නාමල් රාජපක්ෂට එල්ල කර ඇති අතර පහත දැක්වෙන වීඩියෝව එම චෝදනාවලට පදනම් කර ගෙන ඇතැයි අනාවරණය වේ.










