විදෙස් රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යුවළ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දින 06ක් තිස්සේ සොයමින් සිටින නමුත් මෙතෙක් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට හැකි වී නැත.
තමන්ව අත්අඩංගුවට ගැනීමට යන්නේ යැයි සඳහන් කරමින් රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා පසුගියදා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම පසගිය 27 වනදා මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ අනුව එදිනම රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ බොරලැස්ගමුව පැපිලියාන නිවසට ගොස් ඇතත් දමිතා අබේරත්න සහ ඇගේ සැමියා එහි සිට නැත. ඒ අවස්ථාවේ එහි සිට ඇත්තේ රංගන ශිල්පිණී දමිතා අබේරත්නගේ මව පමණි.
එදින සිට අද (28) දක්වා මේ වනවිට දින 06ක් ගතව ඇතත් ඇට අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.
රංගන ශිල්පී දමිතා අබේරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කලා කටයුතු සහ කලාකරුවන් සම්බන්ධී කරණය කිරීම පිලිබඳව කටයුතු කරන අතර සමගි ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන පෙලේ කථිකයෙකි.










