පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම – විවාදය 21

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම – විවාදය 21

මාර්තු 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමටත් පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සදහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමටත් ඊයේ (16) පස්වරුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව වැඩබලන පාර්ලිමේන්තුවේ මහලේකම් ටිකිරි කේ ජයතිලක පවසයි.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 21 වැනි අගහරුවාදා ‍පෙ.ව 9.30ට රැස්වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර ඇත. අනතුරුව නීති අධ්‍යාපන සභා ආඥා පනත යටතේ අංක 2208/13 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති රීති විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතව තිබේ.

එසේම 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත යටතේ විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලද අංක 2313/47 දරන ගැසට් පත්‍රයේ පළකර ඇති නියෝගද එදින විවාදයට ගැනීමට නියමිත බවද වැඩබලන මහලේකම් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්